විද්‍යුත් මාධ්‍ය ආයතනයක රැකියාව කරන රවීනා, ගුවන් පාලම් වල සිදුවන රථවාහන වැරදි නිසා දිනෙන් දින ඉහළ යන රිය අනතුරු පිළිබඳව පුවත් වාර්තාවක් සඳහා තොරතුරු සොයමින් සිටියි. ඇයට මේ සඳහා අවශ්‍ය තොරතුරු සපයන අපරාධ මාධ්‍යවේදියකු වන ආධිත්‍ය කෙරෙහි ඇගේ සිතෙහි ඇල්මක් පවතී. ආධිත්‍ය සපයන තොරතුරු වලින් ඇය ඉස්මතු කරගන්නා කරුණු මත සහස්පුර ගුවන් පාලම මත වැරදි ආකාරයෙන් U හැරවුම් ලබාගන්නා මෝටර් රථ රියදුරන් කෙරෙහි ඇගේ විශේෂ අවධානය යොමු වේ.
එලෙස U හැරවුමක් ලබා ගන්නා රියදුරන්ගේ වාහන අංක ගුවන් පාලම අසබඩ වෙසෙන එක් යාචකයකුගේ මාර්ගයෙන් ලබා ගන්නා රවීනා ඔවුන්ගේ තොරතුරු ලබාගෙන ඔවුන් හා සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කරයි. ලබා ගත් තොරතුරු මත තෝරාගත් පළමුවැන්නා හමුවීමට යන රවීනාගේ උත්සාහය ව්‍යාර්ථ වන අතර එදිනම රාත්‍රියෙහි එම තැනැත්තාගේ මරණයට සැක පිට ඇය අත් අඩංගුවට පත්වේ. ඉන්පසුව අනාවරණය වන්නේ රවීනාගේ මාධ්‍ය ජීවිතය මෙන්ම පොලිස් අපරාධ පරීක්ෂණ ඉතිහාසය උඩු යටිකුරු කරන ආන්දෝලනාත්මක සිදුවීම් සමුදායකි.